Saturday, February 14, 2026
Follow Us
සිමෙන්ති මිල පහළට

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවීම හේතුවෙන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පහත දමා තිබේ.

සෙස් බද්ද ඔස්සේ ලැබෙන ආදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර එමගින් සිමෙන්ති කොට්‌ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බවයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දැනුම්දුන්නේය.