Saturday, April 19, 2025
Follow Us
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය ජනවාරි 17

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය 2025 ජනවාරි 17 වනදා ගන්නා බව එම කොමිසම දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, 2025 ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම 2025 දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කරන බවය.

ඒ වෙනුවෙන් ලිඛිත අදහස් භාරගැනීම ජනවාරි මස 08 වනදා දක්වා සිදුකෙරෙන අතර වාචික අදහස් දැක්වීම සැසිවාර 09ක් ඔස්සේ සිදුකිරීමට නියමිතය. 

ලිඛිත අදහස් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයට හෝ 076 427 1030 වට්ස්ඇප් අංකයට හෝ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත තැපැල් මාර්ගයෙන් යොමුකළ හැකි වෙයි.

වාචික අදහස් ලබාගැනීම පළාත් මට්ටමින් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.