Wednesday, January 14, 2026
Follow Us
සතොසෙන් එක් අයකුට‌ පොල්ගෙඩි 3ක් සහ සහල් කිලෝ 5ක්

සතොස හරහා ගෙඩියක් රුපියල් 130 ට අලෙවි කරන පොල් තොග සහ වෙළෙඳපොළට බෙදාහරින සහල් අද (05) දහවල් කාලයේ දී සතොස අලෙවිසැල් වෙත ලැබීමට සලස්වන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා පවසයි.

එහිදී, එක් අයකුට වරකට පොල්ගෙඩි 3ක් සහ සහල් කිලෝ 5ක් බැගින් ලබාගත හැකි බව බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, කොළඹ අවට ඇති සතොස ශාඛාවලින් අද දින සිටත් කොළඹින් බැහැර ප්‍රදේශවල සතොස ශාඛාවලින් හෙට (06) දින සිටත් පොල් සහ සහල් මිලදී ගත හැකිය.