Thursday, December 05, 2024
Follow Us
ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින්ට විශේෂ වැඩසටහනක්

ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින් සඳහා එක්සත් රාජධානියේ අපනයන වෙළඳපොළට දොරටු විවර කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් පසුගිය දා (02) කොළඹ දී පැවැත්විණි. මේ යටතේ ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් 50 දෙනෙකුට වැඩි පිරිසකට එක්සත් රාජධානියේ සමාගම් සමඟ සම්බන්ධ වී අපනයන වෙළඳපොළට ප්‍රවේශ කිරීමට උපකාර කරයි.

ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින්ට එක්සත් රාජධානියේ වෙළඳපල වෙත සෘජු ප්‍රවේශයක් ලබා දීම, ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා ඇති අවස්ථා වැඩි දියුණු කිරීම ද මෙහි අරමුණයි.

රෙදිපිළි සහ ඇඟලුම් සහ අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන වැනි අංශ කෙරෙහි අවධානය යොමු කර ඇති මෙම වැඩසටහන ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් සහ එක්සත් රාජධානියේ සමාගම් සම්බන්ධ කරමින් ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සපයයි

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලදී.