Wednesday, December 04, 2024
Follow Us
අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය

2025 ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

 

ඒ අනුව රුපියල් බිලියන 219,373ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා  අද(26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

එහි විවාදය දෙසැම්බර් මස 5 සහ 6 දිනවල පැවැත්වෙනු ඇත.

එසේම 2025 වසර සඳහා වන අයවැය ලේඛනය සකස්කිරීමේ වගකීම ද කැබිනට් මණ්ඩලය විසින් මුදල් ඇමැතිවරයා වන ජනාධිපතිවරයා වෙත පවරා තිබේ.

ඒ අනුව දෙසැම්බර් මස පළමු දෙසතියේ දී සියලු දෙපාර්තමේන්තු මගින් ඒ සඳහා යෝජනා ලබා ගැනීමට නියමිතය.

අයවැය කෙටුම්පත ජනවාරි 9වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා  ප්‍රකාශ කළේය.