Monday, January 19, 2026
Follow Us
වාහන ආනයනය සම්බන්ධයෙන් රජය ගත් තීරණය

වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය පියවර ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.

අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධව මහ බැංකුව ද එකඟතාව පළ කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සකස් කර මහජනතාවට දැනුම්දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.