Tuesday, October 01, 2024
Follow Us
උද්ධමනය පහළට

2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී තිබූ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී තිබේ.

2024  සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  -0.3% දක්වා  අඩු වී ඇති අතර 2024 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ 0.8%ක් ලෙස සටහන් වී තිබිණි.

එමෙන්ම,  2024 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  -0.5%ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 අගෝස්තු මාසයේ දී 0.4%ක් ලෙස වාර්තා විය.

නිවේදනයක් නිකුත් කරමින් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව දැනුම්දී තිබේ.