Tuesday, March 24, 2026
Follow Us
IMF නියෝජිතයින් පිරිසක් ලබන 02 වැනි දා දිවයිනට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් ලබන 02 වැනි දා මෙරටට පැමිණීමට නියමිතව ඇත.

ඒ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය පිළිබඳ සාකච්ඡාවට හා IMF වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

ආසියා - ශාන්තිකර කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් ගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඔවුන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිත බව ද සඳහන් වේ.

Aruna