Monday, September 16, 2024
Follow Us
ගොවි ණය කපා හැරීමට යෝජනාවක්

ගොවීන්ගේ ආර්ථීක ශක්තිය වැඩිකිරීම හා ඔවුන් ණය බරින් මුදවා ගැනීම අරමුණු කොටගෙන ගොවීන් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හරින ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත යොජනා කරයි.

අද (03) ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවෙන් අතරතුර තෙන්නකෝන් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර මෙම යෝජනාව ඉදිරියේදි කැබිනට් මණ්ඩලයට යොමු කිරිමට නියමිත බව තෙන්නකෝන් මහතා පවසයි.

කොවිඩ් වසංගතය හා 2022 වසරේ රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මේ රටේ ගොවි ජනතාව මහත් අසීරු තත්ත්වයකට පත් වූ බව ඇමැතිවරයා අවධාරණය කළේය.