Monday, January 19, 2026
Follow Us
මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

2024 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මින් වැඩි දෙනෙක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 237,649ක් ලෙස වාර්තා වෙයි.

එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය සහ ප්‍රංශය ඇතුළු රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.