Sunday, September 08, 2024
Follow Us
වෙළඳ භාණ්ඩ අපනයන කාර්යසාධනය ඉහළට

ශ්‍රී ලංකා රේගුව නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව, 2024 ජුනි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,031.2 ක් වූ අතර, එය 2023 ජුනි මාසයට සාපේක්ෂව සියයට  2.58ක වර්ධනයක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

 ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන, කුළුබඩු සහ සාන්ද්‍ර ආශ්‍රිත නිෂ්පාදන අපනයන ඉපැයීම් ඉහළ යාම මෙම වර්ධයට හේතු වී තිබේ.

තවද, 2024 මැයි මාසයට සාපේක්ෂව 2024 ජුනි මාසයේ අපනයන කාර්ය සාධනය සියයට 1.97 කින් වැඩි වී ඇත. 2024 ජුනි මාසය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 323.13 ක් වූ අතර එය 2023 ජුනි මාසයට වඩා සියයට 39.05 කින් වැඩි වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 ජුනි මාසය සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයනය, 2023 අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී සියයට 9.42කින් ඉහළ ගොස්, ඇමෙරිකානු ඩොලර් මිලියන 1,354.32 ක අගයක් වාර්තා කොට ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.