Sunday, September 08, 2024
Follow Us
කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තය මහාපරිමාණ ආයෝජනයක් කිරීමට පියවර

කලක් දකුණු ආසියාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාව වූ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව මහාපරිමාණ නිෂ්පාදන සිදු කරන ආයෝජන කලාපයක් බවට පත්කිරීමට පියවර ගෙන තිබේ.

එහි නිරීක්ෂණ චාරිකාවකට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එක් විය.

භූගෝලීය වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටා තිබෙන මෙම භූමිය කන්කසන්තුරෙයි වරාය, දුම්රිය ස්ථානය සහ පලාලි ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටා ඇති උපායමාර්ගිකව ඉතාමත් වටිනා කලාපයකි.

එහි යටිතල පහසුකම් ඇතිකිරීමත් සමඟ ආයෝජකයන් මේ සඳහා වැඩි කැමැත්තක් දක්වනු ඇති බව එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සියලු නිලධාරීන් දැනුවත් කළේය.

මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් එම්. එම් නයිමුදීන් මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය ඇතුළු නිලධාරීන්, උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යාපනය ආඥාපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් සහභාගී විය.