Sunday, October 06, 2024
Follow Us
 TIN ලියාපදිංචි වූවන්ට දැනුම්දීමක්

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශී්‍ය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් ඒ බව ලිඛිතව දැනුම්දීමෙන් බදු ගෙවීමෙන් වැලකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

මේ සම්බන්ධයෙන් ළගම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ වන විට පුද්ගලයන් ලක්ෂ 23ක් TIN අංකය ලබා ගෙන ඇති අතර ජූනි මස පමණක් පුද්ගලයන් ලක්ෂ 13ක් එම අංකය ලබා ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ජූලි මස අවසන් වන විට TIN අංක ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 73ක් බවට පත් කිරීම අරමුණ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.