Saturday, July 06, 2024
Follow Us
තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහන් රැසක්
තරුණ ප්රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමේ අරමුණ පෙරදැරිව තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන 160ක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය විසින් මේ වන විට ආරම්භ කර තිබේ.

 මේ අනුව කෘෂි ව්යවසායකත්ව ගම්මාන සතියක් මෙම මස පළමු වනදා (01) සිට 07 වන දා දක්වා ප්රකාශයට පත් කර තිබේ.

මෙහි පළමු ගම්මාන දෙක කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් සියඹලාණ්ඩුව පහත අරාව හා බිබිල මැදගම තඹාන ගම්මානවල දී ආරම්භ කෙරිණි.
මේ අනුව තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන වැඩසටහන යටතේ දිස්ත්රික්ක 25ම නියෝජනය වන පරිදි තෝරාගෙන ඇති ගම්මාන 160 තුළ කුකුළු කර්මාන්තය සඳහා තරුණ ප්රජාව උනන්දු කිරීමේ ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට තීරණය කර ඇත. මෙම ගම්මාන 160 තුළ එක් ගම්මානයකින් ව්යවසායකයින් 20ක් බැගින් තෝරාගෙන ඔවුන්ට කුකුළු පැටවුන් 50ක් බැගින් නොමිලයේ ලබා දෙනු ලබයි.
 
මේ අනුව වැඩිම බිත්තර ප්රමාණයක් දමන ලේයර් කුකුලු පැටවුන් 160,000ක් එම තරුණ ව්යවසායකයින් අතර බෙදා දීමට නියමිත බවත් මේ සඳහා රුපියල් මිලියන 850ක් පමණ වැය වනු ඇතැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
සියඹලාණ්ඩුව පහත අරාව හා මැදගම තඹාන ගම්මානවල කටයුතු ආරම්භ කරමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා
තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන වැඩසටහන ආරම්භ කළේ තරුණ ප්රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම සදහායි. අපි පසුගිය වසරේ ගම්මාන 11ක මෙම වැඩ සටහන ක්රියාත්මක කළා. ඒ වගේම මෙම වසර තුළ ගම්මාන 160ක් ඒ සඳහා තෝරාගෙන තිබෙනවා. එක් ගමකට රුපියල් මිලියන 10ක් බැගින් ගම්මාන 160ට රුපියල් මිලියන 1600ක් අපි වෙන් කර තිබෙනවා.
මේ වනවිට අපේ රටේ කෘෂිකර්මාන්තය තුළ තරුණ ප්රජාව සිටින්නේ සියයට 20ක් පමණයි. ඉතිරි සියයට 80ම අවුරුදු 55 ඉක්මවු වැඩිහිටි පිරිසයි. මෙම වැඩිහිටි පිරිස අවසන් වූ පසු මෙරට කෘෂිකර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වෙනවා. එමනිසා තරුණ ප්රජාව තුළ කෘෂිකර්මාන්තය පිළිබඳව විශ්වාසයක් ඇති කළ හැකි පරිදි වෙනස්කම් රැසක් සිදුකිරීමට අපි පියවර ගෙන තිබෙනවා.
මෙම ගම්මාන 160 තුළ අපි විශේෂ කුකුළු පාලන ව්යාපෘතියක් ආරම්භ කරනවා. විශේෂයෙන් බිත්තර නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා. අද බිත්තර කර්මාන්තය කියන්නේ හොඳ ලාබ ඉපයිය හැකි ව්යාපාරයක්. ඒ වගේම බිත්තර සඳහා ඉල්ලුමක් රට තුළ තිබෙනවා. ඒ නිසා කුකුළු පැටවුන් 160,000ක් අපි හැම ගමකින්ම තෝරාගන්නා පවුල් කුකුළු පැටවුන් 50ක් බැගින් බෙදා දෙනවා.
මෙම තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළ එවැන්නක්. අපේ අරමුණ හැකි තරම් තරුණ ප්රජාවට නව කෘෂි තාක්ෂණය පිළිබඳ දැනුම හා පහසුකම් ලබා දී මෙරට කෘෂිකර්මාන්තයට තරුණ ප්රජාව ආකර්ෂණය කර ගැනීම යැයි ද අමාත්යවරයා මෙහිදී සඳහන් කළේය.