Saturday, June 29, 2024
Follow Us
ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමඟ එකඟත්වයට එළැඹිණි

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමඟ අද (26) බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට එළැඹිණි.

 චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු විය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා සහ මහාභාණ්ඩාගරයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්න යන මහත්වරු එම අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනීම ද සිදු විය.