Saturday, September 28, 2024
Follow Us
EPF ඩිජිටල් වෙයි

මහා බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබා ගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම සකස් කරන දෙස රජයේ  ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

නිරන්තර යාවත්කාලීන විය හැකි දත්ත  පද්ධතියක් කම්කරු දෙපාර්තමේන්තුව සතු විය යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දී ඇත.

ජනතාවගේ ආරක්ෂාව සඳහා එය  අත්‍යවශ්‍ය කාරණයක් බවද දැනුම් දී ඇත.

කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසර වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමසීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.

Lankadeepa