Sunday, April 20, 2025
Follow Us
සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය ආදායම 54%කින් ඉහළට

2024 මැයි මාසයේ දී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ වි‍දේශ විනිමය ආදායම ඩොලර් මිලියන 154කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකු වාර්තා පෙන්වා දී තිබේ.

එය පසුගිය වසරට වඩා 54%ක වැඩි වීමක් බවයි ශ්‍රී ලංකා මහබැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

ආකර්ශණීය වෙරළ තීරයන්, සුන්දර ස්වභාව සෞන්දර්යය, සංස්කෘතික උරුමයක් සහිත ශ්රී ලංකාව, ලොව පුරා පැමිණෙන බොහෝ සංචාරකයින් සඳහා කදිම ගමනාන්තයක් වූ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සංචාරක කර්මාන්තය ශ්රී ලංකාවේ තුන්වන විදේශ විනිමය උත්පාදනය කරන කර්මාන්තය වන බවත් පසුගිය සමයේ මෙරට පැවති අර්බුධකාරී වාතාවරණය හමුවේ පසුබෑමට ලක්ව තිබූ සංචාරක කර්මාන්තය නැවත ඉදිරියට ගෙන ඒමට හැකිව තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.