Friday, September 27, 2024
Follow Us
2024 පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ධනාත්මක 5.3%ක්

2024 පළමු කාර්තුවේ දී, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ධනාත්මක 5.3% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2023 එම කාර්තුවේ වාර්තා වූ 10% ක සෘණ වර්ධන වේගයට වඩා සැලකිය යුතු දියුණුවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

දළ දේශීය නිෂ්පාදිතය 2023 වර්ෂයේ පළමු කාර්තුවේ දී රු. මිලියන 3,161,963 ක් වාර්තා වු අතර 2024 පළමු කාර්තුවේ දී එය රුපියල් මිලියන 3,329,583 කි. මෙය පෙර වසරේ පළමු කාර්තුවේ අත්විඳින ලද පසුබෑමට සාපේක්ෂව ආර්ථික ක්‍රියාකාරිත්වයේ සැලකිය යුතු වර්ධනයක් වන අතර රටේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධන පිළිබඳ විශ්වාසය ඉහළ නංවමින් ධනාත්මක ලෙස බලපානු ඇත.