Sunday, January 18, 2026
Follow Us
කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අඩු වෙයි

ගෑස් මිල පහළ දැමීම හේතුවෙන් ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බව එම සංගමයේ සභාපති, හර්ශන රුක්ෂාන් පැවසීය.

මේ අතර කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර තිබේ.

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කළත් ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් වෙනස් කර නොමැති බව ද එම සංගමය සඳහන් කළේය.