Thursday, May 02, 2024
Follow Us
 මෙරට ආර්ථික ප්‍රගතිය ගැන සාකච්ඡාවක්

ලෝක බැංකුවේ පෞද්ගලික අංශයට සේවා සපයන ආයතනය වන ජාත්‍යන්තර මුල්‍ය සමායතනය හි කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් සිදු විය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මෙහි දී සාකච්ඡා කර තිබේ. 

රටේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වයට සහය දැක්වීමට සහ තවත් ආයෝජන සිදුකිරීමට ජාත්‍යන්තර මුල්‍ය සමායතනය කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටන බවත් උප සභාපතිවරයා පවසා ඇත.

මේ අතර ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ෆුජි ඩඉජෝ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර ද සාකච්ඡාවක් පැවැත්විණ. 

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සබඳතාව නැවත තහවුරු කරමින් මෙහි දී ශ්‍රී ලංකාව ලබා ඇති විශිෂ්ට ආර්ථික ප්‍රගතිය අගය කර තිබේ.

ජනාධිපතිතුමන්ගේ ශක්තිමත් නායකත්වය සහ ආර්ථික කළමනාකරණය මෙහි දී අගය කර ඇති අතර, විශේෂයෙන්ම නිල ණය හිමි කමිටුවේ සම සභාපති ලෙස ශ්‍රී ලංකාව සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව පවසා ඇත. 

එමෙන්ම මෙහි දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කර ඇති අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින් අවසන් කිරීමට ජපානයේ අඛණ්ඩ කැපවීම පිළිබඳ සහතික වී තිබේ.