Sunday, January 18, 2026
Follow Us
2024 ගත වූ එක් එක් මාසය තුළ සංචාරක පැමිණීම 200,000 ඉක්මවයි

මෙම වසරේ මාර්තු මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින්  209,181 ක් පැමිණ ඇතැයි සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පළමු මාස තුනේ සෑම මසක දීම පැමිණීම් 200,000 ට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇත.

2024 වර්ෂයේ මුල් මාස තුන තුළ පැමිණි සම්පුර්ණ සංඛ්‍යාව 635,784 කි. 

එය පසුගිය වසරේ මුල් මාස තුනට සාපේක්ෂව කැපී පෙනෙන සංචාරක පැමිණීමක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.