Monday, April 29, 2024
Follow Us
IMF ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂවරයා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ.

කුමන ආකාරයේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු පසුබෑමකට ලක් නොකරන බවත් දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණයන් රටේ නීතියක් බවට පත් කිරීමට රජය සූදානම් බවත් මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

දැනට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳ මෙහි දී වැඩිදුරටත් කරුණු සාකච්ඡා කර ඇති අතර බදු ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ දී ඇති වී තිබෙන අභියෝග පිළිබඳ අවධානය යොමු කර ඇත.

විවිධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් ලක්ෂ හතරක් පමණ දක්වා අඩු වූ ආදායම් බදු ගොනු සංඛ්‍යාව මිලිනයක් පමණ දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.