Friday, May 03, 2024
Follow Us
රාමසාන් සමයේ රටඉදි බද්ද පහළට

රාමසාන් උත්සව සමය නිමිත්තෙන් ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි දින දෙක තුළ පහත දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

ඒ අනුව ආනයනික රටේදි කිලෝග්‍රෑම් එකක් සඳහා දැනට අය කෙරෙන රුපියල් 200ක විශේෂ වෙ⁣ළෙඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා පහත හෙළීමට නියමිත බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙම සහනය ලබා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරය හිමිවිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.