Friday, May 03, 2024
Follow Us
ඉන්ධන-ගෑස් මිල මාර්තු­වේ නොවෙනස්ව පවතී

මිල සූත්‍ර­යට අනුව ඉන්ධන මිල ගණන් පෙරේදා (29) රාත්‍රියේ සිට සංශෝ­ධ­නය විය යුතු වුවත් මේ මාසය තුළ සංශෝ­ධ­න­ය­කින් තොරව ඉන්ධන මිල පව­ත්වා­ගෙන යෑමට රජය තීර­ණය කර තිබේ.

ඒ අනුව මේ මාසය තුළ මිල ගණන් සංශෝ­ධ­න­ය­කින් තොරව, පව­තින මිල ගණන් යට­තේම ඉන්ධන අලෙ­විය සිදු කිරී­මට ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාව තීර­ණය කර ඇත. මාසික මිල සංශෝ­ධ­න­යක් කිරීම සම්බ­න්ධ­යෙන් ලංකා IOC සමා­ගම සහ සයි­නො­පෙක් සමා­ග­මද මෙතෙක් නිසි දැනු­ම්දී­මක් කර නැත.

මේ අතර මිල සූත්‍ර­යට අනුව සෑම මස­කම මුල් සතියේ ගෑස් මිල සංශෝ­ධ­නය විය යුතු වුවත් මේ මාසයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝ­ධ­න­යක් නොවන බව එහි සභා­පති මුදිත පීරිස් මහතා පැව­සීය. ඒ අනුව කි.ග්‍රෑ. 12.5 ගෑස් සිලි­න්ඩ­රය රු.4,250කටද කි.ග්‍රෑ. 5 සිලි­න්ඩ­රය රු.1,707කටද කි.ග්‍රෑ. 2.3 සිලි­න්ඩ­රය රු.795කටද මිල දී ගත හැකිය.