Thursday, May 02, 2024
Follow Us
2022 දී පාඩු ලැබූ රාජ්‍ය ආයතන 52ක් බිලියන ගණනක ලාභ ලබයි

2022 වසරේ දී රුපියල් බිලියන 743ක් පාඩු ලැබූ රාජ්‍ය ආයතන 52ක් 2023 වසරේ මුල් මාස 9 තුළ රුපියල් බිලියන 313ක ලාභයක් අත් කරගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති අස්වැසුම පිළිබඳ වැඩමුළුවකට එක් වෙමිනි. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන ද වන බවයි. 

ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩිපිළිවෙළ යටතේ පිරිවැයට සරිලන මිලක් නියම කිරීම සඳහා රජය ගත් පියවර ද මෙම ලාභ ලැබීම සඳහා හේතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

මිලියන 2කට ආසන්න පිරිසක් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින අතර දෙවැනි අදියර යටතේ නව අයදුම්කරුවන් සමග මිලියන 2.4ක පිරිසකට සහන සැලසීම අරමුණ වී තිබේ. 

දෙවැනි අදියරේ අයදුම්පත් කැඳවීම ආරම්භ කළ පෙබරවාරි 15 සිට ඊයේ (27) දක්වා අයදුම්පත් යොමු කර ඇති සංඛ්‍යාව 30,000කට ආසන්න වන අතර ඉන් 8,750ක් අයදුම් පත් යොමු කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යල මගින් වන අතර සෙසු පිරිස ඍජුවම අන්තර් ජාලය මගින් අයදුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.