Thursday, May 02, 2024
Follow Us
ඔබේ දෝතට කාසි පොකුරු ගෙනෙන පුවක් වාරේ
මේදිනවල ඉඩමේ හෝ වැට දිගේ කොයි පැත්තට ඇවිද ගියත් අපේ ගොවි මහත්තුරු කාසි පොකුරු පිටින් දෝතට එකතු කරනවා නිසැකයි. මන්ද ගොඩක් ප්රදේශ වල පුවක් වාරය වූ නිසාවෙනි.

 සාමාන්යයෙන් පුවක් වාරයේ දි අමු පුවක් වල මිල සාපේක්ෂව අඩු වන බව බොහෝ දෙනා හොදින් දන්නා කරුණක්.මේ දිනවල දේශීය පුවක් හෝ හම්බන් පුවක්ගෙඩිය රු 2 /= සිට රු 4.50 /= ක් අතර මුදලකට ද රටපුවක් ගෙඩියක් රු 10/= සිට 15/= අතර මුදලකටද අළෙවි වීම සිදුවේ.

 
මේ කාලයේ ඇතැමුන් අමු පුවක් ලෙස වෙලදපලට එවීම සිදු කරන අතරම තවත් පිරිසක් කරුංකා පුවක් සැකසීම හෝ මඩ පුවක් දැමීමට යොදා ගැනීම සාමාන්ය වශයෙන් සිදු කරයි. අගෝස්තු මාසය වන විට සාපේක්ෂව කරුංකා පුවක් වල මිල ඉහළ යාම සිදුවන නිසා ඒමගින් ඔවුන් වැඩි වාසියක් අත්කර ගැනීම ට අපේක්ෂා කරනු ලැබේ.
.
තවත් විශේෂිත වූ කරුණක් නම් පුවක් පැල නිෂ්පාදනය කර ගැනීම. මේ ඒ සදහා සුදුසුම කාලයයි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුවක් ප්රවර්ධන වැඩසටහන් මගින් පුවක් වගාව වඩාත් ප්රචලිත කිරීමට කටයුතු සිදුකරනවා වාගේම ඔබටත් ඔබේ ගෙවත්තේ හෝ අවට ඇති උසස් තත්වයේ පුවක් බීජ සපයාගනිමින් පුවක් පැල නිෂ්පාදනය කරගැනීම පහසුවෙන්ම සිදු කල හැක
 
පැල නිෂ්පාදනය පිලිබඳ මීට ඉහත දී පලකරන ලද ලිපියේ වෙළුම පහළින් අන්තර් ගත කර ඇත.
 
මේ වාරයේ පුවක් වගාවෙන් අදායම ලබාගන්නවා වාගේම එළබෙන මහ කන්නය තුළ ගෙවත්තේ, වගා භූමියතුල හෝ වැට අසල හෝ පුවක් පැලයක් සිටුවාගන්න සිතනවා නම් දැන්ම ඒ සදහා අවශ්ය පියවර ගන්න.ඵලදායී ලෙස භූමිය කළමනාකරණය කරගනිමින් පුවක් වගාවේ නියැලෙන්න. සරු සාරවත් වූ පුවක් වගාවක හිමිකරුවකු වන්න. ඒ තුලින් ඔබත් රටට ඩොලර් ගෙනෙන වටිනා පුරවැසියකු වේවි.
 

-Department of Export Agriculture