Friday, May 17, 2024
Follow Us
බස්ගාස්තු වැඩිවීමක් නැහැ

බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් සඳහන් කරයි.

2002.06.12 දින අමාත්‍ය යමණ්ඩලය විසින් අනුමත කර ඇති ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව 2002 ජුලි මස සිට බස් ය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලැබේ. එම බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව වාර්ෂික ගාස්තු ප්‍රතිශෝධනය සෑම වර්ෂයකම ජූලි මස 01 දින ප්‍රකාශයට පත්කළ යුතු අතර එසේම වර්ෂයේ ප්‍රථම මාස 09 තුල ඩිසල් මිලේ සීඝ්‍ර වැඩිවීමක් සිදු වුවහොත් සහ එම වැඩිවීම සමස්ථ කිලෝමීටර් එකක ධාවන පිරිවැය 4% කට අධික ප්‍රමාණයකින් වැඩිවීමට දායක වුවහොත් ඩීසල් මිළ වැඩිවී එක් මසක් තුළ අතුරු ගාස්තු වැඩිවීමක් සිදු කළ යුතුය.

වර්තමානයේ ක්‍රියාත්මක වන බස්ගාස්තුව (2023.09.03 දින ප්‍රකාශයට පත් කරන ලද) ගණනය කිරීමේදී 2023.09.01 දින ලංකා සුදු ඩීසල් ලීටර් එකක මිල වන රු,341/- මිල ගලපා ඇත.

එහෙයින් 2024.02.01 දින සිට (2024.01.31 දින මධ්‍යම රාත්‍රියේ සිට) ලංකා සුදු ඩීසල් ලීටර් එකක මිල රු.363/ දක්වා වැඩ වීම, ජාතික බස්ගාස්තු ප්‍රතිපත්තිය සඳහන් මිල සුත්‍රයට ගැලපූ විට සමස්ථ කිලෝමීටර් එකක ධාවන පිරිවැය සියයට දෙකයි දශම භයයි එකකින් (2.61%) වැඩිවීමට දායක වී ඇති බැවින් උත්ත ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව සියලුම මහජනතාව වෙත දන්වා සිටි.