Friday, May 17, 2024
Follow Us
2023 බදුල්ල කිරුම් මිනුම් කාර්යාලයෙන් රු. මි. 13.7 ක ආදායමක්

මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල කාර්යාලය පසුගිය 2023 වර්ෂය තුල සිදු කරන ලද කිරුම් හා මිනුම් උපකරණ මුද්‍රා තැබීම් හා වංචනික ක්‍රියා සිදුකළ වෙළඳුන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය හරහා රජයට රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂ පනස්නමදහස් පන්සිය පනස් හතරක් (රු. 13 659 554.00) උපයා දී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් සහකාර මිනුම් ඒකක ප්‍රමිති හා සේවා අධිකාරි දුලිත් අසෝක මහතා සදහන් කරයි.

ඒ අනුව 2023 වර්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොවම ආවරණය වන පරිදි වෙළඳසැල් 8545 ක කිරුම් මිනුම් උපකරණ 22620 ක් පරීක්ෂා කර බලා ඒවා නිවැරදි බවට මුද්‍රා තැබීම සිදුකර තිබෙන අතර ඉන් රුපියල් 13 659 554.00 ක ආදායමක් උපයා දී තිබේ. මීට අමතරව දිස්ත්‍රික්කයම ආවරණය පරිදි සිදුකරන ලද වැටලීම් හා පරීක්ෂා කිරීම් වලදී වංචනික ක්‍රියා සිදු කිරීම් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද වෙළඳුන්ගෙන් දඩ මුදල් ලෙස රුපියල් 69750.00 ආදායමක් උපයාගෙන තිබේ.