Friday, May 17, 2024
Follow Us
TIN අංකය ලබාදීමට සහය ගන්නා රාජ්‍ය ආයතනයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්කමේන්තුවේ සහාය ඇතිව සමූහ වශයෙන් ටින් අංකය ලබාදීමේ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ටින් අංකය ලබාගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතර තුර සමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් එය ලබාදීම සඳහා ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ 

 

මිලියන 15 කට ආසන්න, වයස අවුරුදු 18 ඉක්වමූ පුද්ගලයන්ගේ ජීව දත්ත ගබඩාව උපයෝගී කරගෙන මෙහිදී, ඔවුන්ගේ ලියාපදිංචිය තොග වශයෙන්  සිදු කිරීමත් , එහිදී පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත් අංකය උපයෝගී කරගෙන ටින් අංකය ලබාදීමත් සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

 ඒ තුළින් රාජ්‍ය ආදායම සම්බන්ධව පැහැදිලි දත්ත පද්ධතියක් රටතුළ නිර්මාණය වන බවත්, ඉදිරියේදී ඩිජිටල් හැදුනුම්පත හදුන්වා දීමෙන් පසු එම සියථ කාරණා එකට බැදුනු ශක්තිමත් දත්ත පද්ධතියක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.