Saturday, July 27, 2024
Follow Us
මේ වසරේ සංචාරක ව්‍යාපාරයේ දැවැන්ත ප්‍රගතියක්

පසුගිය 2022 වසරට සාපේක්ෂව මෙරට සංචාරක ව්‍යාපාරයේ දැවැන්ත ප්‍රගතියක් පෙන්නුම් කරමින් මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයන් ලක්ෂ 12ට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ 27දා වන විට 1,263,158 දෙනෙකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී පමණක් විදෙස් සංචාරකයන් 137,703 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය නොවැම්බර් මාසය තුළ දී වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 27,281කි. මීට අමතරව රුසියාවෙන් 22,382ක්, ජර්මනියෙන් 11,680ක්, එක්සත් රාජධානියෙන් 10,566 ක්, ඔස්ට්‍රේලියාව 7277, චීනය 6026, එක්සත් ජනපදය 3896, ප්‍රංශය 3540 ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

Dinamina