Thursday, April 23, 2026
Follow Us

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රුපියල් මිලියන 350ක්, සීමාසහිත ලංකා පොස්පේට් සමාගමෙන් රුපියල් මිලියන 300ක්, බී.සී.සී. සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ජාතික ලුණු සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවෙන් රුපියල් මිලියන 75ක් ලෙස වාර්ෂික ලාභාංශ මුදල වූ රුපියල් මිලියන 925ක් මෙලෙස මහා භාණ්ඩාගාරයට පිරිනමා තිබේ.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ අදාළ ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.