Saturday, January 17, 2026
Follow Us
“Belihuloya Tourism” ප්‍රවර්ධනය කිරීමට කඩිනමින් පියවර

“බෙලිහුල්ඔය” (“Belihuloya Tourism”) රත්නපුර දිස්ත්‍රික්කයේ පවත්නා සංචාරක ආකර්ශනය දිනාගත් සුන්දරතම ගම්මානයකි. කොළඹ සිට කිලෝමීටර් 150 ක පමණ දුරකින් පිහිටි මෙම සුන්දර ගම්මානය ඓතිහාසික බලංගොඩ, ඉඹුල්පේ ප්‍රදේශයේ පිහිටා ඇත.

මෙම සුන්දර “බෙලිහුල්ඔය” ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයින්ගේ වඩාත් ආකර්ශනය දිනා ගත හැකි ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අකිල සාලිය එල්ලාවල මහතා බලධාරීන් වෙත උපදෙස් දුන්නේය.

ඔහු මෙම උපදෙස් ලබා දුන්නේ, සමනල වැව ආශ්‍රිතව නිර්මාණය වී ඇති ජල කාන්දුව හා එය සිදුවන භූ පද්ධතිය පිළිබඳ පසුගියදා සිදු කළ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවේදීය. මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාද සහභාගීවිය.