Friday, April 24, 2026
Follow Us
 ඉදිරි මාස 3කටත් බිත්තර ආනයනයට අනුමැතිය

බිත්තර ආනයනය කිරීමට ඉදිරි මාස තුනකට ද අනුමැතිය දැනටම ලැබී ඇති බවත් ඒ අනුව බිත්තර ආනයනය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

බිත්තර ආනයනය හරහා වෙළෙඳපොළේ පැවති බිත්තර හිඟය පාලනය කිරීමට හැකි වූ බව කී වලිසුන්දර මහතා එම සංස්ථාව දෛනික අවශ්‍යතාව වන බිත්තර මිලියනයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය.