Saturday, January 17, 2026
Follow Us
වාහන ආනයන සීමා පිළිබඳ ගත් තීරණය

ආර්ථික අර්බුදය හේතුවෙන් රථවාහන ආනයනය කිරීම මේ වන විට නවතා දමා තිබුණද ඉදිරි සතිය ඇතුළත පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහන සඳහා යොදාගන්නා තෝරාගත් වාහන සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (13) අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.