Friday, April 24, 2026
Follow Us
සිනොපෙක් ඉන්ධන මුදාහැරීම ඇරඹෙයි

සිනොපෙක් පළමු ඉන්ධන තොගය මුදා හැරීම ආරම්භ කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් යොමු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එසේම එහි 2 වන ඉන්ධන තොගය හෙට (02) පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බව අමාත්‍යවරයා දැනුම් දී ඇත.