Saturday, January 17, 2026
Follow Us
එතෙර පොල් තෙල්වලට බද්දක්

දේශිය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹපාලිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

දේශිය පොල්තෙල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ අරමුණෙන් මෙම බද්ද පැනවෙන බවත් බද්ද දැනට සාකච්ඡා කර ඇති පරිදි ලීටරයකට රුපියල් 25 ක් විය හැකි බවත් අමාත්‍යවරයා පවසා ඇත.