Saturday, January 17, 2026
Follow Us
පරිප්පු ලෙස ගෙනා උඳු රේගු භාරයට

පරිප්පු ලෙස හඟවමින් මෙරටට ගෙනා උඳු කිලෝ ග්‍රෑම් 39,000ක් ශ්‍රී ලංකා රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ.

කඩල පරිප්පු කිලෝ ග්‍රෑම් 48,000ක් ලෙස ප්‍රකාශ කර රේගු බදු ලෙස රුපියල් 482,550ක් ගෙවා ආනයනය කළ බහාලුම් 2ක මෙම උඳු තොගය තිබුණු බවයි රේගු බලධාරින් පවසන්නේ.‍

රේගු භාරයට ගත් උඳුවල වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 62ක ඉක්මවන බව විමර්ශනවල දී හෙළි වී තිබේ.

‍මෙම බහාලුම පරික්ෂාවකින් තොරව රේගුවෙන් බැහැරට ගියේ නම් ඉන් ශ්‍රී ලංකා රජයට අහිමි වන බදු මුදල ලක්ෂ 78ක් බව රේගුව පවසයි.

Aruna