Saturday, January 17, 2026
Follow Us
බැංකු පොළී අනුපාත අඩුකිරීම ගැන මහ බැංකුව සොයා බලයි

පොළී අනුපාත අඩුවීමේ වාසිය මහජනතාවට ඉක්මනින් නොලැබුනොත් මහ බැංකුව කුමක් කරන්නේද යන්න පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැහැදිලි කරයි.

ඉදිරි කාලයේ දී බැංකු පොළී අනුපාත දැන් තියන මට්ටමේ සිට ක්‍රමාණුකූලව අඩු කිරීම සඳහා බැංකුවලට මග පෙන්වීම් සහ ඉලක් ලබා දී තිබෙන බවත්, ඒ සම්බන්ධව මහ බැංකුව සමීපව නිරීක්ෂණය කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ බව කියා සිටියේ, මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවක දී වන අතර, එය බැංකු පද්ධතිය තුළින්ම අඩුවීම සිදු නොවන්නේ නම් මහ බැංකුවට ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත්, ඒ සඳහා මුලින් බැංකුවලට අවස්ථාවක් දෙන බව මහ බැංකු අධිපති වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.