Friday, April 24, 2026
Follow Us
අද රාගම දුම්රිය ස්ථානයෙන් අමතර අදායමක්

ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙ ගමන් ගත් මගීන් 50 දෙනෙකු රාගම දුම්රිය ස්ථානයේ දී අද (26) අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

දුම්රියෙන් පැමිණ රාගම දුම්රිය ස්ථානයෙන් බැස යාමේ දී ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමේ ඔවුන් සියලු දෙනා රුපියල් 152025 ක දඩයක් නියම කෙරිණි.

අද උදේ 6 සිට 9 දක්වා පැය තුනක කාලයක් සිදු කළ මෙම විශේෂ ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවකදි ප්‍රවේශ පත්‍ර නොමැතිව සිටි මෙම මගින් අල්ලා ගැනීමට හැකි වූ බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

Lankadeepa