Friday, April 24, 2026
Follow Us
ගෑස් මිල යළි පහළට

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල යළි අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීසි මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල යළි අඩු කිරීමට කටයුතු කරන බවයි.

එය මෑතකදී සිදුකළ සිව්වන මිල අඩු කිරීම බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.