Friday, April 24, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළ යයි

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 26.2කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඒ අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් බව සඳහන් වෙයි.
පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට නිල සංචිත ප්‍රමාණය දැක්වුණේ අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් ලෙසටය.
චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වෙයි.

Aruna