Friday, January 16, 2026
Follow Us
කුකුළු මස් ඉහළ යයි

රුපියල් 1,000ත් 1,100ත් අතර පැවති කුකුළු මස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1,500ත් 1,600ත් අතර වන බව පාරිභොගිකයින් පවසයි.

ඊට සමගාමීව වෙළෙඳපොළේ මාළු මිල ගණන්ද ඉහළ අගයක් ගෙන ඇති අතර අද (30) දිනයේදී පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ඇතැම් මාළු වර්ගවල මිල ගණන් රුපියල් 2,000කට ආසන්න අගයක් ගෙන තිබේ.

බිත්තර සඳහා පාලන මිලක් පැවතියද වෙළෙඳපොළේ තවදුරටත් සුදු බිත්තර අලෙවි වන්නේ රුපියල් 55කට ආසන්න මිලකට බව සඳහන්ය.

මේ අතර කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

Aruna