Friday, March 13, 2026
Follow Us
තුර්කි සංචාරකයින් වැඩියෙන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

තුර්කි ගුවන් සේවය සමඟ සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් වැඩි දියුණු කිරීම සාකච්ඡාවක් අද (25) පැවැත්විණි.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ඩෙමේට් ශෙකිර්ජිඕලු (Demet Şekercioğlu) මහත්මිය අතර පැවැති හමුවෙදී එය සාකච්ඡාවට ලක්විය.

විදේශ රැකියා සම්බන්ධ ද්විපාර්ශ්වික ගැටලු, ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන පැවැත්වීම මෙන්ම තුර්කි ගුවන් සේවය සමඟ සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් වැඩි දියුණු කිරීම යන කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි .

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට ලබාදිය යුතු සංවර්ධන ආධාර සම්බන්ධයෙන් තුර්කි නියෝජිත පිරිසගේ අවධානය යොමු විය.