Saturday, July 27, 2024
Follow Us
දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකගතාව පළ වූ බවයි.

අප්‍රේල් මස (25) දා අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේ දී ඇති කරගත් එකගතාවන්ට අනුව නිෂ්පාදකයන් මෙම පියවර ගෙන තිබේ.
මිල අඩු කිරීම පිළිබඳ දැනුම් දීම සඳහා ඊයේ (23) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී ජූලි මස 15 වැනි දා සිට මෙම මිල අඩු කිරීම සිදු කිරීමට ඔවුන් එකගතාව පළ කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් රුපියල් 350/= සිට 450/= අතර මුදලකින් පහත යනු ඇත.

තවත් මසකින් මිල ගණන් සම්බන්ධයෙන් නිෂ්පාදකයන් සමග සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහි දී ඒ වන විට පවතින වෙළෙඳපොළ තත්ත්වයන් සහ ඩොලරයේ මිල අනුව තව දුරටත් මිල අඩු කිරීම පිළිබඳ සලකා බලන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.