Thursday, January 15, 2026
Follow Us
ජූලි මස විදුලි මිල සංශෝධනයක්

2023 ජූලි වන විට විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එහි දැක්වෙන්නේ පිරිවැය පරාවර්තක මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සහ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවල දී ද්විවාර්ෂිකව විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කිරීමට 2022 දෙසැම්බරයේ දී ගන්නා ලද රජයේ ප්‍රතිපත්ති සහ කැබිනට් තීරණයට අනුකූලව මෙම සංශෝධනය සිදු වන බවය.