Friday, April 24, 2026
Follow Us
ඉන්ධන මිල පහළ යයි

අද (අප්‍රේල් 30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල තවදුරටත් මිල පහළ දමා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කරයි.

ඒ් අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 7කින්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 10 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක් රුපියල් 135 කින් අඩු කෙරෙනු ඇත.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 333, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 365ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 330ක් වේ.

ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් යන ඉන්ධන වර්ගයන්හී මිල ගණන් වෙනසක් සිදු නොවේ.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 295
ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 330