Thursday, January 15, 2026
Follow Us
දෙපාර්තමේන්තු දෙකක් කෝපා කමිටුව හමුවට

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරි පාර්ලිමේන්තු සතියේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) හමුවට කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.


මේ අනුව ලබන 25 වැනි අඟහරුවාදා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇති අතර පසුගිය වසරවලට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්තා සහ වත්මන් කාර්ය සාධනය ඇතුළු කරුණු පදනම් කරගනිමින් විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.
මේ අතර විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පරීක්ෂා කිරීම සදහා පොලිස් දෙපාර්තමේන්තුව ලබන 26 වැනි බදාදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට හමුවට කැඳවා ඇති බව ද කෝප් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.