Thursday, January 15, 2026
Follow Us
කොළඹ වරාය නගරයේ නවීන රෝහලක්

කොළඹ වරාය නගරයේ නවීන රෝහලක් ස්ථාපනය කිරීම සඳහා ගිවිසුම් ගතවී තිබෙන බව වාර්තා වෙයි.

එම ගිවිසුම අත්සන් කර ඇත්තේ ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගම සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම අතරය.

අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ ආයෝජනයකින් එම රෝහල් ස්ථාපනය කර පවත්වා ගෙන යාමට ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගමට ඒ අනුව අවස්ථාව හිමිවෙයි.

එම රෝහලේ ඇඳන් 500ක් පමණ සමන්විත වෙතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.