Thursday, January 15, 2026
Follow Us
සතොස භාණ්ඩ කිහිපයක මිළ පහළට

ලංකා සතොස ආයතනය මගින් අවුරුදු සමය වෙනුවෙන් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ.

මේ වනවිට මිල අඩු කර තිබෙන අත්‍යවශ්‍ය භාණ්ඩ 12 ට අමතරව මෙම භාණ්ඩවල මිල අඩු කර තිබේ.

හෙට (07) දිනයේ සිට දිවයින පුරා සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම මිල සහනය ලබාගත හැකිය.

ඒ අනුව ටින් මාළු (425g) නව මිල රුපියල් 490ක් වන අතර එහි ඉතිරිය රුපියල් 30කි.

ලොකු ලූනු 1kg ක නව මිල රුපියල් 97ක් වන අතර එහි ඉතිරිය රුපියල් 22කි.

පාන් පිටි 1kg ක නව මිල රුපියල් 225ක් වන අතර එහි ඉතිරිය රුපියල් 10කි.

සතොස මඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට අමතරව ග්‍රොසරී භාණ්ඩ 500ට අධික ප්‍රමාණයක් සඳහා සුවිශේෂි මිල අඩුකිරීම් හා වට්ටම් ලබාදීමට කටයුතු කර තිබේ.