Thursday, January 15, 2026
Follow Us
ලාෆ්ස් ගෑස් මිලත් අඩු කිරීමට තීරණය කරයි

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලත් අඩු කිරීමට තීරණය කර තිබේ .


මේ අනුව කි:ග්‍රෑ:12.5 අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1,290.00 කින් පහළට දමා ඇති අතර එහි නව මිල රුපියල් 3,990.00ක් වේ.

කි:ග්‍රෑ:5 රුපියල් 516.00 කින් පහළට ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 1,596.00 වේ.
ලිට්‍රෝ සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු.1005.00කින් අඩු කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රු. 3378.00ක් ලෙසයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රු. 402කින් අඩු කරනු ලබන අතර නව මිල රු. 1502.00ක් වේ. කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු.183කින් අඩු කර ඇති අතර එහි නව මිල රු.700ක් වේ.